මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා

(විමුක්ති එස් රුද්‍රිගු)

කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.

මෙම ඝාතන සිදුකර ඇත්තේ ෆේබ්‍රියෝ ද සොයිසා නම් 19 හැවිරිදි  ශ්‍රී ලාංකිකයකු විසින් බවත් ඔහු කැනඩාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා පැවසුවේය.ඝාතන සිදුව ඇත්තේ එරට වේලාවෙන් පසුගිය බදාදා පස්වරු 10.52ට පමණ බවත් සැකකරු පිහියක් වැනි තියුණු ආයුධයකින් ඇන ඝාතන සිදු කර ඇති බවට සැක කෙරෙන බවත් ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව,දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.එම දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොමැති බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.ඝාතනයට ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7ට අඩු බවත් මෙය ඉතාමත් ඛේදජනක සිදුවීමක් බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක,හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයවලුන් බව ඔටාවා පොලිසිය පැවසුවේය.දරුවන්ගේ පියා ධනුෂ්ක වික්‍රමසිංහ ලෙස හඳුනාගෙන ඇති බවද ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ පවුල මෑතකදී කැනඩාව වෙත පැමිණ ඇති බවත් පවුලේ බාල දියණිය වූ කෙලී වික්‍රමසිංහ කැනඩාවේ උපත ලබා ඇති බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.සැකකරු සහ මියගිය ගාමිණී අමරකෝන් වික්‍රමසිංහ පවුල සමඟ එකම නිවසේ පදිංචි වී සිට ඇති බවත් ගාමිණි අමරකෝන් මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කර ඇත.

මෙම ඛේදජනක සිදුවීමට දින කිහිපයකට පෙර වික්‍රමසිංහ පවුල ෆේබ්‍රියෝ ද සොයිසාගේ 19 වැනි උපන් දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වමින් ෆේබ්‍රියෝගේ විශේෂ දිනය සැමරීමට උදව් වූ බව හිල්ඩා ජයවර්ධනාරාමයේ භන්තේ සුනීත ස්වාමින් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේය.

වික්‍රමසිංහ පවුල හිල්ඩා ජයවර්ධනාරාමය වෙත නිරන්තරයෙන් පැමිණෙන බවත් තම මිත්‍රයාවූ ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත ගිය බවත් භන්තේ සුනීත ස්වාමින් වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.සිද්ධිය සිදුවූ දිනයේ ෆේබ්‍රියෝ හැසිරීම් රටාවේ කිසිම වෙනසක් නොදුටු බවත් ඔහුට සිය පවුල ඝාතනය කිරීමට හේතුවක් දන්නා තරමින් නොමැති බවත් ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවැසූ බව භන්තේ සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිටින ෆේබ්‍රියෝගේ දෙමවුපියන්ද ධනුෂ්ක වික්‍රමසිංහ මුණගැසී ඇති බවත් මසකට දෙකකට පමණ පෙර ෆේබ්‍රියෝ වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසේ බිම් මහලේ පදිංචියට පැමිණ ඇති බවත් භන්තේ සුනීත ස්වාමින් වහන්සේ පැවැසුවේය.ෆේබ්‍රියෝ ද සොයිසා මෑතකදී ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනයෙන් ඉවත් වී ඇති බවත් ඔහුට අධ්‍යාපන ආයතනයේ ගැටළු රාශියක් තිබී ඇති බවත් දැනගනන්ට ලැබුණු බව ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවැසුවේ යැයි භන්තේ සුනීත ස්වාමින් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.එසේම ෆේබ්‍රියෝට සියදිවි නසා ගැනීමේ සිතුවිලි තිබූ බවට ඔහුගේ හැසිරීම් රටාවෙන් තේරුණු බව ධනුෂ්ක වික්‍රමසිංහ සුනීත ස්වාමින් වහන්සේ ඉදිරිපිටදී පවසා ඇත.

ෆේබ්‍රියෝ ද සොයිසා අවසන් වරට සිය ඉගෙනුම් කටයුතු සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය වසරේ ශීත සෘතුවේදී බව ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනය තහවුරු කර ඇත.පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වූ ධනුෂ්ක වික්‍රමසිංහ පසුගිය බදාදා දින රාත්‍රියේ රැකියාව අවසන් වී ගෙදර පැමිණි අවස්ථාවේදී මෙම පහර දීම ගැන දැනගෙන ඇතැයි සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.එම අවස්ථාවේදී ෆේබ්‍රියෝ අල්ලාගෙන මගේ පවුලට සිදුවූයේ කුමක්දැයි ධනුෂ්ක වික්‍රමසිංහ පවසා ඇති බවත් එහිදී ඔවුන්ට කිසිවක් නොකළ බව ෆේබ්‍රියෝ ප්‍රකාශ කිරීම හේතුවෙන් ධනුෂ්ක ඔහුව අත්හැර ඇති බවත් සුනීත ස්වාමින් වහන්සේ පැවැසුවේය.පහරදීම හේතුවෙන් ධනුෂ්කගේ අතේ ඇඟිලි දෙකක කොටස වෙන් වී ඇති බවත් ඉන් එක් ඇඟිල්ලකට සාර්ථකව ප්‍රතිකාර කර ඇති බවත් සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.

ෆේබ්‍රියෝ ද සොයිසාට විරුද්ධව මිනීමැරුම් චෝදනා 6 ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

ප්‍රථම වතාවට ඊයේ (07) දහවල් කාලයේදී සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව එළඹෙන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ෆේබ්‍රියෝ ඉතාම අඩුවෙන් කතා කර ඇති බවත් ප්‍රකාශ කර ඇත්තේ නම සහ උපන්දිනය පමණක් බවත් ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඝාතන සිදුකිරීමේ චේතනාව තවමත් පැහැදලි නොමැති බවත් ඝාතන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඝාතන හෙළා දකිමින් ප්‍රකාශයක් කරමින් මෙම සිදුවීමෙන් මුළු කැනඩාවම කම්පනයට පත්වී ඇතැයි ප්‍රකාශ කළේය.

නැවත එළඹෙන 14 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.

නැවත එළඹෙන 14 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.

(ඝාතන සැකකරු)